Recent comments

අලුත්ම ලිපි 🡲

ඔෆිස් නොයා ඔෆිස් වැඩ කරමු



මයික්‍රොසොෆ්ට් ඔෆීස් කියන්නෙ කවුරුත් හොඳින් හඳුනන ඉතා ප්‍රයෝජනවත් මෘදුකාංග කට්ටලයක්. මේ වන විට නිකුත් කරලා තියෙන අලුත්ම සංස්කරණය වෙන්නෙ ඔෆීස් 2013.





මේ කියන්න යන්නෙ ඔෆිස් 2010 ඩවුන්ලෝඩ් කරගන්න ටොරන්ට් එකක් හෝ ලින්ක් එකක් ගැන නම් නෙවෙයි. එහෙම ලිපි, පෝස්ට් පරිගණක උදවු තුළත් අන්තර්ජාලයෙත් බොහෝවිට පළ වෙනවානේ. පරිගණක උදවු Exclusives 11 වැනි ලිපියෙන් කියන්න හදන්නේ ඔෆීස් 2010 Install නොකරම එයින් වැඩගන්නා හැටියි.

බොහෝ අය දන්නවාත් ඇති. නොදන්න අයත් ඇති.

ෆේස්බුක් එකේ ඔබේ ඉන්බොක්ස් එකට එන මයික්‍රොසොෆ්ට් ඔෆිස් වර්ඩ්, පවර්පොයින්ට් වැනි ෆයිල්ස් සඳහා පුංචි මෙනු එකක් ලැබෙනවා ඔබ දැක ඇති. එහි තිබෙනවා View on Office.com කියලා විකල්පයක්.


ඔබ මේ විකල්පය තේරුවොතින්, ඔබට එවා ඇති ෆයිල් එක www.office.microsoft.com වෙබ් අඩවියේ අදාල Web Application එක හරහා විවෘත වී පෙනෙනු ඇති. අද කියන්නේ මේ විදියට ෆේස්බුක් ඉන්බොක්ස් එකට එන ෆයිල් එකක් ඕපන් කරගන්න හැටි නම් නෙමෙයි. ඒක දැනටමත් කියලා ඉවරයිනේ. මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නෙ ඔෆිස් 2010 පැකේජය පරිගණකයේ ස්ථාපනය නොකරම ඔෆිස් වැඩසටහන් වලින් ෆයිල්ස් හදාගන්නා හැටි ගැනයි.


පසුගිය වසරේ කාගේත් කතාබහට ලක් වුණු සංකල්පයක් තමයි Cloud Computing කියන්නේ. මෙයින් සරලවම කීවොත් අදහස් වන්නෙ හැම වෙලාවකම ළඟ තබාගෙන නොසිට, පරිගණකයේ හාඩ් ඩිස්ක් එක මෘදුකාංග වලින් පුරවාගෙන නොසිට, අවශ්‍ය වේලාවට පමණක් අන්තර්ජාලය හරහා ලබාගෙන ප්‍රයෝජනයට ගතහැකි මෘදුකාංග හා සේවා ගැනයි. ඔබේ ඊමේල් ගිණුම, ෆේස්බුක් වගේම මේ කියන කතාවත් එක්තරා ආකාරයකින් මේ Cloud Computing තාක්ෂණයට ඍජුවම නෑකම් කියනවා. ඒ Cloud Computing සංකල්පයේ එන SaaS (Software as a Service) ගණයේ සේවාවක් සපයමින්.


ඔෆීස් නොයා ඔෆිස් එකෙන් වැඩ කරමු.....
හරි පටන්ගමු..

මෙම ලිපිය කියවන ඔබේ පහසුව සඳහා පහත සඳහන් තේමා 3 ඔස්සේ ගොනුකරන්නම්.

1) Windows Live/Sky Drive එකවුන්ට් එකට ලොග්වීම
2) Files සෑදීම
3) Files විවෘත කිරීම


1) Windows Live/Sky Drive එකවුන්ට් එකට ලොග්වීම

මේ සඳහා අවශ්‍ය කරන්නෙ Windows Live ID එකක් පමණයි.

Windows Live ID එකක් ඔබට නොමැතිනම් පමණක් පහත පියවර අනුගමනය කරන්න....



  1. https://signup.live.com වෙත යන්න.
  2. තොරතුරු අදාල පරිදි ඇතුළත් කොට (දුරකථන අංකය අවශ්‍ය නොවේ)  මත ක්ලික් කරන්න.
  3. ඉන්පසු ඔබේ ඊමේල් ගිණුමට ගොස් Windows Live Team වෙතින් එවා ඊමේල් පණිවුඩයේ ඇති “Use this link to verify your account“ ලින්ක් එක මත ක්ලික් කර Verify කරගන්න.
  4. අවසාන වශයෙන් “Your email address is verified“ ලෙස දිස්වන වෙබ් පිටුවෙහි ඇති  මත ක්ලික් කරන්න.

Windows Live ID එකක් ඔබට ඇතිනම් (හෝ අලුත් ID එකක් සාදාගෙන පසුව අවස්ථාවක ලොග් වීමේදී) පහත පියවර අනුගමනය කරන්න....(ඉහත ආකාරයෙන් මුල් වරට ලොග්වීමේදී මෙම පියවර නොසලකන්න)
  1. https://skydrive.live.com/ වෙත යන්න.
  2. ඔබේ Windows Live ID එක සහ පාස්වර්ඩ් එක ලබාදී  මත ක්ලික් කරන්න.


දැන් ඔබ ඔබේ Windows Live ගිණුමට ලොග්වී හමාරයි.


මෙහි Hotmail, Messenger, MSN වැනි සේවා කීපයක්ම ඇතත් අපි අද අවධානය යොමුකරන්නේ මෙහි ඇති Sky Drive නැමැති සේවාව පිළිබඳවයි. 


Sky Drive යනු මයික්‍රොසොෆ්ට් සමාගමෙන් නොමිලේ ලබාදෙන Online Storage සේවාවයි. මෙයින් ගිගාබයිට් 25ක ඉඩක් නොමිලේ සැපයෙනවා. මෙහිද අනෙකුත් සේවා සහ විකල්ප බොහොමයක් ඇතත් අපිමෙයින් අවධානය යොමුකරන්නේ Sky Drive මෙනුවෙහි ඇති Office Files සෑදීමේ විකල්ප පිළිබඳවයි.


2) Files සෑදීම

පළමුව ඔබේ Windows Live ගිණුමෙහි ඇති Sky Drive මෙනුව මතට මවුස් පොයින්ටර් එක තබන්න. එවිට මතුවන මෙනුවේ පහළින්ම පහත සඳහන් විකල්ප දිස්වනු ඇති.





දැන් අප මින් එක් විකල්පයක් තෝරාගෙන ඉදිරියට යමු. මා තෝරාගන්නේ New Word Document විකල්පයයි. අලුත් වර්ඩ් ඩොකියුමන්ට් එකක් සෑදීමේ විකල්පය තේරීමෙන් පසු පළමුව කළ යුත්තේ ඒ සඳහා නමක් ලබා දීමයි.





නම ලබාදීමෙන් පසුව Create මත ක්ලික් කරන්න.

ඉන්පසුව ඔබේ ඩොකියුමන්ට් එක office.com හි Word Web Application එක සමග විවෘත වී පෙනෙනු ඇති. 

ඒ ඇත්තේ Microsoft Office 2010 හි Word අතුරුමුහුණතයි. මෙහි සාමාන්‍යයෙන් ඇති ටැබ්ස් වලින් කීපයක් පමණක් දිස්වේ. නමුත් සාමාන්‍ය ලිපි සැකසුම් කටයුත්තක් සඳහා මෙම පහසුකම් ප්‍රමාණවත් වේ.

Home ටැබ් එක තුළ Clipboard, Font, Paragrapgh, Styles සහ Spelling යන Groups තිබේ.


Insert ටැබ් එක තුළ Tables, Pictures, Links යන Groups තිබේ.





View ටැබ් එක තුළ Document Views සහ Authors යන Groups තිබේ.




මෙම විකල්ප වලින් ඔබට සාමාන්‍ය වර්ඩ් තුළ හුරු පුරුදු ආකාරයෙන්ම ප්‍රයෝජන ලබාගත හැකියි.

එසේම File ටැබ් එකෙන් ලැබෙන මෙනුවෙන් මෙම ෆයිල් එකට අදාලව Save, Print, Share ආදී පහසුකම් ලබාගත හැකියි. මෙයින් සේව් කරගනු ලබන ෆයිල්ස් ඔබේ Sky Drive (https://skydrive.live.com) තුළ සුරැකේ.

අවශ්‍යනම් Open in Word පහසුකම හරහා අදාල වර්ඩ් ෆයිල් එක ඔබේ පරිගණකයේ ස්ථාපනය කර ඇති වර්ඩ් ඇප්ලිකේෂන් එකෙන් විවෘත කරගැනීමද කළ හැක. මෙය File මෙනුවෙන් මෙන්ම Home ටැබ් එකෙහි ඇති Button එකෙන්ද කරගත හැකියි.



එසේම අක්ෂර වින්‍යාස පරීක්ෂාව සඳහා අවශ්‍යවන භාෂාව තේරීමද Home ටැබ් එකේ Spelling button එකෙන් සිදු කළ හැකියි. ඒසඳහා ඔබ විසින් Set Proofing Language තෝරා අදාල භාෂාව තේරිය යුතුයි. (English US තේරීම සුදුසුයි).





ඉහත කොටසින් විස්තර කළේ Sky Drive හරහා වර්ඩ් ෆයිල් එකක් නිර්මාණය කරගන්නා හැටියි. මේ ආකාරයෙන්ම Excel, Powerpoint සහ Onenote ෆයිල්ද සාදාගත හැකියි. ඒවාද Sky Drive තුළම සේව් කර පසුව අවශ්‍යනම් ඕනෑම තැනක ඇති අන්තර්ජාල සම්බන්ධතාවය සහිත පරිගණකයකට භාගත කර හෝ නොකර වැඩ ගත හැකියි.


ඉහත ක්‍රමයට අමතරව Office.com (http://office.microsoft.com/en-us/) හරහාද ෆයිල්ස් සෑදිය හැකියි. නමුත් මෙහිදීද ඔබ යා යුත්තේ (Windows Live ID එකක් හරහා ලොග්වී) Sky Drive වෙතම නිසා ඉහත ක්‍රමයම භාවිතා කිරීම වඩාත් හොඳයි.






3) Files විවෘත කිරීම

මේ සඳහා ක්‍රම කීපයක් තිබෙනවා. එකක් නම් මා ඉහතින් සදහන් කළ ෆේස්බුක් ඉන්බොක්ස් එකට ලැබෙන ෆයිල්ස් සඳහා ඇති View on Office.com පහසුකම භාවිතා කිරීම.නැතහොත් දැනටමත් Sky Drive තුළ ඇති ෆයිල්ස් විවෘත කිරීමද Sky Drive තුළ ඇති එම ෆයිල් එක ක්ලික් කිරීමෙන් කළ හැකියි.


එසේත් නැත්නම් ඔබට අවශ්‍ය ෆයිල් එක ඔබේ පරිගණකයෙන් Sky Drive වෙත Upload කොට පහසුවෙන්ම එතැනින් නැවතත් Web Application එක හරහා විවෘත කරගත හැකියි.




ඉහත ක්‍රමයට අමතරව Office.com (http://office.microsoft.com/en-us/) හරහාද ෆයිල්ස් විවෘත කළ හැකියි. නමුත් මෙහිදීද ඔබ යා යුත්තේ (Windows Live ID එකක් හරහා ලොග්වී) Sky Drive හි Documents ෆෝල්ඩරය වෙතම නිසා ඉහත ක්‍රමය සහ මෙහි වැඩි වෙනසක් නැත.



මම හිතන්නෙ බොහෝදෙනෙකුට මේක ප්‍රයෝජනවත් ‍වේවි. නිතර භාවිතාවේදී කෙසේ වෙතත් හදිසියකදී ඔෆීස් නොමැති තැනත කාර්යයක් කරගැනීමට සිදු වූවොත් අනිවාර්යයෙන්ම මේ ගැන දැනගෙන සිටීම වැදගත් වේවි. එතකොට මාවත් මතක් වෙයි නේද!

ටිකක් හදිසියෙන් වුණත් මේ ලිපියෙන් මූලික වශයෙන්ම විස්තර කළේ ඔෆීස් පැකේජය ඉන්ස්ටෝල් නොකරම ඉන් වැඩගතහැකි එක් ක්‍රමයක් පිළිබඳවයි. මෙවැනි තවත් ක්‍රම පිළිබඳ ඔබ දැනුවත්නම් ඒවාද කමෙන්ට්ස් තුළ සඳහන් කරන මෙන් ඉල්ලමින් නවතින්නම්.

No comments