Recent comments

අලුත්ම ලිපි 🡲

ඔබේ Android/iPhone/iPad එක වයර්ලස් මවුස් එකක් | කීබෝඩ් එකක් | ගේම් පෑඩ් එකක් කරගන්න ++

රැහැන් රහිත, එහෙමත් නැත්නම් වයර්ලස් (Wireless) උපාංග භාවිතය මේ කාලයේ සුලභ දෙයක්. නමුත් තවමත් ඔබ පාවිච්චි කරන්නේ රැහැන් සහිත කීබෝඩ් එකක් හෝ මවුස් එකක් වෙන්න පුලුවන්. ඒක එහෙම වුණත්/නොවුණත්, මේ කියන්න හදන්නේ දැනටමත් ඔබ සතුව පවතින Android/iPad/iPhone උපාංගයක් වයර්ලස් මවුස් එකක් සහ කීබෝඩ් එකක් බවට පත්කරගෙන වැඩ කළ හැකි වැඩසටහනක් ගැනයි.


Necta Apps වෙතින් එන WiFi Mouse | Keyboard වැඩසටහනයි.

කෙටියෙන් කිව්වොත් මේ වැඩසටහනට පුලුවන් ඔබේ ජංගම උපාංගය වයර්ලස් මවුස් එකක්, කීබෝඩ් එකක්,  ට්‍රැක් පෑඩ් එකක්, ගේම් පෑඩ් එකක්, මීඩියා කන්ට්‍රෝලර් එකක්, බ්‍රව්සර කන්ට්‍රෝලර් එකක්, ප්‍රසන්ටේෂන් කන්ට්‍රෝලර් එකක්, වින්ඩෝ කන්ට්‍රෝලර් එකක්, ඇප්ලිකේෂන් කන්ටෝලර් එකක් කරන්න.....කෙටියෙන් කිව්වට ඉතින්.....!

මෙම වැඩසටහන සමග වැඩ කිරීමට ඔබට WiFi පහසුකම සහිත පරිගණකයක් තිබීම අත්‍යාවශ්‍යයි.

WiFi Mouse | Keyboard වැඩසටහනේ Client සහ Server ඇප්ලික්ෂෙන් දෙකක් තියෙනවා. Server ඇප්ලිකේෂන් එක ක්‍රියාත්මක වෙන්නේ ඔබේ පරිගණකයේ. මුලින්ම ඔබ මෙම Server ඇප්ලිකේෂන් එක පරිගණකයේ ඉන්ස්ටෝල් කර ක්‍රියාත්මක කරවිය යුතුයි. පහළ ලින්ක් වලින් ඔබේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතියට ගැලපෙන පිටපත ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න.

http://wifimouse.necta.us/Mouse-Server.exe http://wifimouse.necta.us/MouseServer.pkg
http://wifimouse.necta.us/MouseServerLinux64.zip 
http://wifimouse.necta.us/MouseServer32.rpm http://wifimouse.necta.us/MouseServer64.rpm 

 ඩවුන්ලෝඩ් කරගත්තාට පස්සේ සාමාන්‍ය විදියට ඉන්ස්ටෝල් කරගන්න (නෙට්වර්ක් privileges ඉල්ලුවොත් දීලා දාන්න/Allow කරන්න). ඉන්ස්ටෝ්ල් කරගත්තට පස්සෙ වැඩසටහන ක්‍රියාත්මක කරන්න.


මේ සර්වර් ඇප්ලික්ෂෙන් එකේ GUI එකක් (අතුරු මුහුණතක්/වින්ඩෝ එකක්) නැහැ. ඒ වෙනුවට ඔබේ නෝටිෆිකේෂන් area එකේ අයිකන් එකක් දකින්න ලැබේවි. ඒ මත මවුස්පොයින්ටරය තැබුවොත් Server ඇප්ලිකේෂන් එක run වෙන IP Address එක පෙනේවි. මේ ඇඩ්‍රස් එකට තමයි අපි ඊළඟ අදියරේදි Client ඇප්ලිකේෂන් එක connect කරන්නෙ.


මේ අයිකන් එක උඩ ක්ලික් කරලා ලැබෙන මෙනුවෙන් ඔබට ඔබේ ජංගම උපාංගයට ගැලපෙන Client ඇප්ලික්ෂෙන් එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. (මෙහි නොමිලේ දෙන සංස්කරණ වගෙම අවශ්‍ය නම් මිලදී ගතයුතු සංස්කරණත් තියෙනවා).


වැඩසටහන හරහා නොයනවානම් පහළ ලින්ක් වලින් ඔබේ ජංගම උපාංගයේ මෙහෙයුම් පද්ධතියට ගැලපෙන වැඩසටහන ඩවුන්ලෝඩ් කරගන්න.


මේ විදියට ඉන්ස්ටෝල් කරගත්ත වැඩසටහන ක්‍රියාත්මක කරන්න. WiFi ක්‍රියාත්මක කරලා ගෙදර නෙට්වර්ක් එකට කනෙක්ට් වෙන්න.

 

ඉන්පස්සෙ උඩම තියෙන Server බට්න් එක ටච්/ටැප් කරන්න. එතකොට පෙන්වාවි ඔබේ Server ඇප්ලිකේෂන් එක run වෙන IP Address එක. ඒ ඉදිරියෙන් තියෙන දම්වැල් පුරුක අයිකන් එක ටච් කරලා කනෙක්ට් කරන්න.



එච්චරයි. දැන් ඔබේ ජංගම උපාංගය පරිගණකය සමග සම්බන්ධයි. ඔබට දැන්  වයර්ලස් මවුස් එකක්, කීබෝඩ් එකක්,  ට්‍රැක් පෑඩ් එකක්, ගේම් පෑඩ් එකක්, මීඩියා කන්ට්‍රෝලර් එකක්, බ්‍රව්සර කන්ට්‍රෝලර් එකක්, ප්‍රසන්ටේෂන් කන්ට්‍රෝලර් එකක්, වින්ඩෝ කන්ට්‍රෝලර් එකක්, ඇප්ලිකේෂන් කන්ටෝලර් එකක් තියෙනවා.



ඉතිරි වැඩ ටික ඉතින් කරලාම බලන්න.

No comments