Recent comments

අලුත්ම ලිපි 🡲

එකපාරින්ම Gmail Inbox සම්පූර්ණයෙන්ම හිස් කරන්න

මේ කියන්න යන්නේ අමුතු දෙයක් ගැන නම් නෙවෙයි.  හැමෝටම පේන්න තියෙන ඒත් අවධානය යොමු නොවුණු පුංචි තැනක් ගැනයි. Gmail Inbox එකේ ඇති සියලුම Email එකවර Select කිරීමේ විකල්පයක් බොහෝදෙනෙක් දැක නැතත් Inbox එකේම උඩින්ම තිබෙනවා.

මේ සඳහා ඔබ කළයුත්තේ ඔබේ ඉන්බොක්ස් එකෙහි සාමාන්‍ය පරිදි පළමු පිටුවේ ඇති Emails සියල්ල සිලෙක්ට් කිරීම පමණයි. ඒ සඳහා ඔබට Select All විකල්පය තෝරාදිය හැකියි.
ඉන්පසු ඔබේ Inbox එකේ පළමු පිටුවේ ඇති ඊමේල් සියල්ල select වනු ඇති. එමෙන්ම එම Email සංඛ්‍යාව select වී ඇති බවත්, Inbox එකේ ඇති සියලුම Email select කළහැකි විකල්පයකුත් එම Emails වලට ඉහළින් පෙනෙනු ඇති.

දැන් ඔබ කළයුත්තේ මෙම Select all #### conversations in... යන්න මත ක්ලික් කිරීමයි. එවිට ඔබේ Inbox එක තුළ එදා මෙදා තුර පැමිණි සියලුම Emails select වනු ඇත. 
දැන් ඔබට Delete මත ක්ලික් කර එම ඊමේල් සියල්ල එකවර මකා දැමිය හැකියි හැකියි.



ඉන්පසු ඔබේ Inbox එක clear වනු ඇති. මේ ඊමේල් ටික යන්නේ ඔබේ ජීමේල් Trash ෆෝල්ඩර් එකට. එතැනින් දින 30කට පස්සේ ඉබේම ඒවා ඉවත්වෙනවා. අවශ්‍යනම් Undo කරන්නත් පුලුවන්.


 
මේ අපි බොහෝදෙනෙකුගේ ඇස්වලට පෙනි පෙනී අපි නොදකින තවත් එක් දෙයක් විතරයි. තවත් මේවගේ දේවල් බොහෝමයක් ඇති. හොයලා බලන්න.

No comments