Recent comments

අලුත්ම ලිපි 🡲

PK (2014) - [සිංහල උපසිරැසි | Sinhala Subtitles] - Full HD [1080p]



මෙහි පළවන සිංහලට පරිවර්තනය කරන ලද උපසිරැසිය 100%ක් ම කිනිත්ත වෙතින්ම පරිවර්තනය කරන ලද සිංහල උපසිරැසියක් බවට සහතික කරමු. මෙම සිංහල උපසිරැසිය උපුටාගැනීමට, හුවමාරුවට, වෙනත් තැන් වල පළකිරීමට බාධාවක් නැතත් මෙය ඔබට ලබාදීමට කැප කළ කාලය - ශ්‍රමය වෙනුවෙන් කර්තෘ අයිතිය සුරැකීමට කාරුණික වන්න.

පසුගිය දෙසැම්බර් මාසයේ 19 වැනිදා තිරගතවීම ආරම්භ කෙරුණු අපූරු හින්දි චිත්‍රපටයක් තමයි PK. IMDB ශ්‍රේණිගතකිරීම් වලට අනුව 8.6ක අගයක් ලබාගෙන ඇති මේ චිත්‍රපටය බොහෝදෙනෙකුගේ කතාබහට ලක්වූවක්.

පීකේ (බීපු මිනිහා) නැමැති අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පිටසක්වල ජීවියා පෘථිවියේ සමාජයට හුරු වීමේදී මුහුණ දෙන සිදුවීම් ආශ්‍රයෙන්, මිනිසුන් විසින් ආගම් මූලික කරගනිමින් තනාගත් විවිධ නොවැදගත් සංකල්ප සහ බිය (භක්තිය) නිසා සහේතුකව විමසා නොබලා කටයුතු කිරීමෙන් පත්වන මුලාවන් පිළිබඳ ප්‍රවේසමෙන් සාකච්ඡාවට බඳුන් කිරීමක් මේ චිත්‍රපටය පුරාම දකින්න ලැබෙනවා. කම්මැලි නැතිව බලන්න පුලුවන් කතාවක්. 

මේ ලිපිය ලියන 2015 පෙබරවාරි 1 වැනිදා වන විටත් "හොඳ" සිංහල උපසිරැසියක් හොයාගන්න නොලැබුණ නිසා නිකමට වගේ (බිරින්දෑට) නිවසේදී නරඹන්න PKට යෙදූ සිංහල උපසිරැසිය කිනිත්තෙන් හැමෝටම බලන්න ශෙයා කරන්න හිතුවා.  :)

ලිපියේ පහළට ගිහින් උපසිරැසිය ගන්න. මේ ගැන ඔබේ අදහස කියලා යන්නත් අමතක කරන්න එපා.

හොයාගන්න ලැබුණු ඉංග්‍රීසි උපසිරැසියේ තිබූ වැරදි අඩුපාඩු (ඇතැම්විට හින්දි දෙබසට හාත්පසින්ම වෙනස් ඉංග්‍රීසි පරිවර්තන) හැකිතාක් නිවැරදි කරමින් සැකසූ උපසිරැසියක් නිසා, ඔබේ රසවින්දනය උපරිමයෙන් රැකදීමට මේ උපසිරැසියට හැකිවේ යැයි හිතනවා.
 


චිත්‍රපටයේ ඉහළ තත්ත්වයේ පිටපතක් මෙතැනින් ගන්න පුලුවන්. (2.49GB |1080p)
http://www.mediafire.com/download/r6cbksdjbjcj9cj/[kickass.so]pk.2014.hindi.1080p.bluray.non.retail.6ch.2.5gb.shaanig.torrent

සිංහල උපසිරැසිය මෙතැනින් ගන්න.

http://www.mediafire.com/download/e76d70bs2279bdm/PK.2014.sinhalaSub.Kinith.Hettiarachchi.zip
උපසිරැසි යෙදුවේ කිනිත් හෙට්ටිආරච්චි විසිනි. 
කරුණාකර කර්තෘ අයිතිය සුරැකෙන සේ නොමිලේ ඔබේ මිතුරන් අතර හුවමාරු කරන්න.
 
ඔබේ අදහස්, යෝජනා, චෝදනා පහළින් කමෙන්ට් කරන්න.

සිංහල උපසිරැසි එක්ක චිත්‍රපටය බලන හැටි දැනගන්න මෙතැනින්.

මෙම සිංහල උපසිරැසිය ගෘහස්ථ රසවින්දනය උදෙසා කිනිත්තෙන් නොමිලේ ලබාදෙන උපසිරැසියක් වන අතර අන්තර්ජාලයේ හුවමාරු වන චිත්‍රපටයේ පිටපත් සඳහා කිසිදු හිමිකමක් හෝ වගකීමක් කිනිත්ත දරන්නේ නැත.

මෙහි පළවන සිංහලට පරිවර්තනය කරන ලද උපසිරැසිය 100%ක් ම කිනිත්ත වෙතින්ම පරිවර්තනය කරන ලද සිංහල උපසිරැසියක් බවට සහතික කරමු. මෙම සිංහල උපසිරැසිය උපුටාගැනීමට, හුවමාරුවට, වෙනත් තැන් වල පළකිරීමට බාධාවක් නැතත් මෙය ඔබට ලබාදීමට කැප කළ කාලය - ශ්‍රමය වෙනුවෙන් කර්තෘ අයිතිය සුරැකීමට කාරුණික වන්න.  

No comments