Recent comments

අලුත්ම ලිපි 🡲

English #12 පාඩම | The Present Perfect Tense

අපි දැනටමත් කරලා තියෙන දේවල් ගැන කතාකරද්දී භාවිතා කරන වාක්‍ය රටා පිළිබඳවයි මේ පාඩම. ඒ කියන්නෙ මේවගේ දේවල්...



  • ලියනවා - ලියලා තියෙනවා
  • කරනවා - කරලා තියෙනවා
  • දකිනවා - දැකලා තියෙනවා
  • එනවා - ඇවිත් තියෙනවා
  • යනවා - ගිහින් තියෙනවා

මෙතැනදී අපි පහුගිය කර්තෘකාරක (Active Voice) පාඩම් 11දි ඉගෙනගත් කර්තෘ + ක්‍රියාව + කර්මය කියන වාක්‍ය රටාව හැදෙන්නේ පහත ආකාරයටයි.

කර්තෘ + has/have + ක්‍රියාපදයේ අතීතකාලීන කෘදන්තය (Past participle) + කර්මය


ඔය අතීත කාලීන කෘදන්තය කියන්නෙ පුංචි කාලෙ ඉඳන් ඉගෙනගත්තු ක්‍රියාපද ලැයිස්තු වල තිබුණු අවසන් තීරුව... Do, Did, Done....

මෙතැනදී I, You සහ අනෙකුත් බහුවචන කර්තෘන් සමග have ද, සියලුම ඒකවචන කර්තෘන් සමග has ද භාවිතා කරනවා.


උදාහරණ :


මම මේ පාඩම ඉගෙනගෙන තියෙනවා.
මම ඉගෙනගෙන තියෙනවා මේ පාඩම.
I have learned this lesson.


ඔයාගෙ අම්මා මට බැනලා තියෙනවා.
ඔයාගෙ අම්මා බැනලා තියෙනවා මට.
Your mother has scolded me.


ඇය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීලා තියෙනවා. 
ඇය භාරදීලා තියෙනවා ඉල්ලා අස්වීමේ ලිපිය.
She has handed over the resignation letter.



නැත අර්ථයේ වාක්‍ය ගොඩනැගීම සඳහා has not/ have not භාවිතා කරන්න.

මම මේ පාඩම ඉගෙනගෙන නැහැ.
මම ඉගෙනගෙන නැහැ මේ පාඩම.
I have not learned this lesson.
I haven't learned this lesson.


ඔයාගෙ අම්මා මට බැනලා නැහැ.
ඔයාගෙ අම්මා බැනලා නැහැ මට.
Your mother has not scolded me.
Your mother hasn't scolded me.


ප්‍රශ්න ගොඩනැගීම සඳහා Has/Have ඉදිරියට ගන්න.


මම මේ පාඩම ඉගෙනගෙන තියෙනවද?.
මම ඉගෙනගෙන තියෙනවද මේ පාඩම?.
Have I  learned this lesson?.

මම මේ පාඩම ඉගෙනගෙන නැද්ද?.
මම ඉගෙනගෙන නැද්ද මේ පාඩම?.
Have I  not learned this lesson?.
Haven't I learned this lesson.


[අදහස්, එකතු කිරීම්, නිවැරදි කිරීම් සඳහා විවෘතයි]


යාලුවන්ටත් කියන්න...
http://kinith.blogspot.com/2014/04/pft.html

No comments