Recent comments

අලුත්ම ලිපි 🡲

English #11 පාඩම - THE FUTURE CONTINUOUS TENSE

මේ පාඩමෙන් අපි ඉගෙනගන්නේ අනාගතයේදී අපි කරමින් ඉඳීවි යැයි බලාපොරොත්තු වෙන දෙයක් ගැන කතාකරන විදියයි.








එනවා - එමින් ඉඳීවි
යනවා - යමින් ඉඳීවි

මේ සඳහා භාවිතා කරන වාක්‍ය රටාව මෙහෙමයි.


කර්තෘ + will be / shall be + (ක්‍රියාපදයේ බිහිවුණු අවස්ථාව + ing) + කර්මය


කලින් පාඩම් වලදි වගේම, I සහ We සමග shall be ත්, අනෙකුත් කර්තෘන් සඳහා will be ත් භාවිතා කළ හැකියි.

උදාහරණ :

අපි හෙට මේ වේලාව වනවිට ගම්පහට යමින් ඉඳීවි.
අපි යමින් ඉඳීවි ගම්පහට මේ වේලාව වනවිට හෙට.
We shall be going to Gampaha by this time tomorrow.
We'll be going to Gampaha by this time tomorrow.

ඔහු ෆේස්බුක් භාවිතා කරමින් ඉඳීවි.
ඔහු භාවිතාකරමින් ඉඳීවි ෆේස්බුක්.
He will be using Facebook.






ප්‍රශ්න ගොඩනැගීමේදී will/shall කර්තෘගේ ඉදරියට ගන්න. (be එතැනම තියේවි).

ඔහු ෆේස්බුක් භාවිතා කරමින් ඉඳීවිද?
ඔහු භාවිතාකරමින් ඉඳීවි ෆේස්බුක්?.
Will he be using Facebook?.





නැත අර්ථයේ වාක්‍ය ගොඩනැගීමේදී will/shall >> will not/shall not විදියට යොදන්න.


ඔහු ෆේස්බුක් භාවිතා කරමින් ඉන්න එකක් නැහැ.
ඔහු භාවිතාකරමින් ඉන්න එකක් නැහැ ෆේස්බුක්.
He will not be using Facebook.
He won't be using Facebook.

ඔහු ෆේස්බුක් භාවිතා කරමින් ඉන්න එකක් නැද්ද?
ඔහු භාවිතාකරමින් ඉන්න එකක් නැද්ද ෆේස්බුක්?.
Won't he be using Facebook?.

[අදහස්, එකතු කිරීම්, නිවැරදි කිරීම් සඳහා විවෘතයි.]

No comments