Wednesday, January 15, 2014

"දුම" | කවි කිනිත්ත

යන එන කොතැන වුව පත් සොලවනා දැක
ගහ කොළ පවා හඳුනති පෙම නොමැත සැක
කටු තුඩු වලින් සිදුරුව විඳිමින්ම දුක
නුඹ ලැබ මිසක නොහැරෙමි පියවරක් එක 



ඔබ - මොබ දිවු අයුරු මග සොයමින් ඉවුරු
අප පසු කළ ගොහොරු , සැඩ රළ පිරි සයුරු
බිඳ සුණු විසුණු කළ මහ ගොරහැඬි පවුරු
නුඹ මම මිසක මෙ‘දියත දනිතිද කවුරු!

ගැටෙමින් හාවෙමින් විලසට වෙරළ - රළ
හඳුනා හදින් හද ඉන්දූ පුංචි පැළ
දැන් මහ ගස්ය සපිරුණු ඉති කිනිති කොළ
රිසි නැත හෙළනු බිම නොලබා මිහිරි ඵල

හෙණ නද ලදත් වගකුත් නැති ලෙසට බිම
නිදිනා කම්මලේ වසනා සුනඛ තෙම
ලෙස සිටි නමුදු දුන් රිදවුම් දරා හැම
එන බව දනුව! ගින්නක්, දුටු විටෙක දුම...