Recent comments

අලුත්ම ලිපි 🡲

SQL 01 - ආරම්භක පාඩම

SQL, එහෙමත් නැත්නම් Structured Query Language ලෙස හඳුන්වන්නේ Databases සමග ගනුදෙනු කිරීමේදී භාවිතාවෙන සම්මත භාෂාවයි. එනිසාම ඔබ කුමන ක්‍රමලේඛ භාෂාවකින් පරිගණක වැඩසටහන් ලිව්වත්, database එකක් සමග සම්බන්ධවී ගනුදෙනු කිරීමේදී SQL පිළිබඳ දැනුමත් ඉතා වැදගත් වෙනවා. 

Microsoft SQL Server, Oracle, MySQL, Microsoft Access වැනි Relational Database Management Systems (RDBMS) වලදී අප දත්ත ගබඩා කරන්නේ Tables තුළ බව ඔබ දන්නවා ඇති. එවැනි Database එකකට දත්ත ඇතුළත් කිරීම, ඇතුළත් කළ දත්ත වෙනස් කිරීම, මැකීම, අවශ්‍ය දත්ත පමණක් පෙරා ලබාගැනීම, ඇතුළත් කර ඇති දත්ත හසුරුවමින් අවශ්‍ය තොරතුරු සකස් කරගැනීම සඳහා SQL යොදාගැනෙන බව සරලව කියන්න පුලුවන්.

මේ පාඩම් මාලාව සඳහා අපි භාවිතා කරන RDBMS එක MySQL. 

මුලින්ම අපි අපේ පාඩම් මාලාව කරගෙන යන්න හැකිවෙන විදියට ඔබේ පරිගණකය ලැහැස්ති කරගනිමු. වැඩේ බොහොම ලේසියි. පියවර තුනයි.

පළමුවෙන්ම, XAMPP වැඩසටහනේ Portable සංස්කරණය (Zip හෝ 7zip ගොනුව) ඩවුන්ලෝඩ් කරගනිමු. (මෙතැනින් ඩවුන්ලෝඩ් කරගන්න). 



දෙවනුව, ඩවුන්ලෝඩ් කරගත් Zip (හෝ 7zip) ගොනුව ඔබේ C:\ ඩ්‍රයිව් එකට Extract කරගන්න. ඉන්පසු ඒ තුළ තිබෙන xampp-control මත double click කරන්න. එවිට පහත ආකාරයෙන් XAMPP වැඩසටහන විවෘත වනු ඇති. එහි Apache සහ MySQL ඉදිරියේ ඇති Start buttons දෙක මත ක්ලික් කරන්න. දැන් MySQL සඳහා ඔබේ පරිගණකය සූදානම්.




තෙවනුව, අපි මේ පාඩම් මාලාව ඉදිරියට කරගෙන යෑම සඳහා අවශ්‍ය වන ඩේටාබේස් එක සකසාගත යුතුයි. ඔබට තවත් පහසුවීම සඳහා මම Database එක ලබාදෙන්නම්. (අපේ ඩේටාබේස් Backup එක මෙතැනින් ඩවුන්ලෝඩ් කරගන්න)

දැන් ඩවුන්ලෝඩ් කරගත් testdb.sql බැකප් එක භාවිතා කර අපි database එක සකසාගනිමු. ඔබ කළ යුත්තේ ඒ ෆයිල් එක MySQL වෙත Import කිරීම පමණයි. ඒ මෙහෙමයි.

ඔබේ Xampp වින්ඩෝවේ Apache ඉදිරියෙන් ඇති Admin මත ක්ලික් කර PHP MyAdmin වෙත යන්න. නැත්නම් ඔබේ වෙබ් බ්‍රව්සරයෙන් http://localhost/phpmyadmin/ වෙත යන්න.


දැන් එහි ඇති Import මත ක්ලික් කරන්න. ඉන් පසුව, එහි ඇති Browse button එක ක්ලික් කර ඔබ Download කරගත් testdb.sql  ෆයිල් එක තෝරාදී Go මත ක්ලික් කරන්න. දැන් ඔබේ Database එක සැකසෙනු ඇති.



දැන් ඉදිරි SQL පාඩම් සියල්ල සඳහා ඔබේ පරිගණකය සූදානම්. 

ඉහත රූපයේ වම්පස පැනල් එකේ පහළ, testdb නමින් අලුත් database එක සෑදී තිබෙනවා. ඒ මත ක්ලික් කරන්න.


මා ඔබට ලබාදුන් ඩේටාබේස් එකේ tables තුනක් තිබෙනවා (Student, Subject, Marks). Student ටේබල් එක තුළ එක්තරා පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍යයින් පස් දෙනෙකුගේ තොරතුරුත්, Subject ටේබල් එක තුළ ඔවුන් ඉගෙනගන්නා විෂයයන් 4ක තොරතුරුත්, Marks ටේබල් එක තුළ ඒ ඒ සිසුවා එක් එක් විෂයයට ලබාගත් ලකුණුත් ඇතුළත්. දැනට ඒ විස්තරය හොඳටම ඇති. 

ඉහත රූපයේ SQL නමින් ටැබ් එකක් ඔබට පෙනෙනවා ඇති. අප ඉදිරියේදී ඉගෙනගන්නා SQL විධාන ධාවනය කිරීම සඳහා යොදාගන්නේ මේ SQL ටැබ් එකයි. (අනිත් ඒවා අමතක කරලා දාන්න). SQL ටැබ් එක මත ඔබ ක්ලික් කළොත්.......



මේ ලිපියෙන් කියූ දේවල් සම්බන්ධව යම් ගැටලුවක් ඇත්නම් කමෙන්ට් එකකින් අහන්න. දන්නා දෙයක් කියාදෙන්නම්.

ඊළඟ පාඩමෙන් අපි SQL සමග වැඩකිරීම පටන්ගනිමු.

No comments