Recent comments

අලුත්ම ලිපි 🡲

ENGLISH #09 පාඩම - THE PRESENT CONTINUOUS TENSE

අපි දැන් කරමින් සිටින දෙයක් ගැන පැවසීමේදී භාවිතාවෙන වාක්‍ය රටාව ගැන තමයි මේ කොටසින් කතා කරන්නේ. ප්‍රවර්තන වර්තමාන කාලය. ඒ කියන්නෙ මේ වගේ...

යනවා - යමින් සිටිනවා - Going
එනවා - එමින් සිටිනවා - Coming 
නටනවා - නටමින් ඉන්නවා - Dancing


මෙහිදී අපි භාවිතා කරන වාක්‍ය රටාව මෙහෙමයි.

කර්තෘ + is/am/are + ක්‍රියාපදයේ මූලික අවස්ථාව + කර්මය 

ඒක වචන කර්තෘන් සඳහා is ද I සඳහා am ද, බහුවචන කර්තෘන් සඳහා are ද භාවිතාවේ. 

උදාහරණ කීපයක් අරගෙන බලමු. 

මම දැන් ඉංග්‍රීසි ඉගෙනගනිමින් ඉන්නවා.
මම ඉගෙනගනිමින් ඉන්නවා ඉංග්‍රීසි දැන්.
I am learning English now.

ඇය පාසලට යමින් සිටිනවා.
ඇය යමින් සිටිනවා පාසල්.
She is going to school.

එයාලා රූපවාහිනිය නරඹමින් සිටිනවා.
එයාලා නරඹමින් සිටිනවා රූපවාහිනිය.
They are watching television.


මේ කාලයේ වාක්‍ය නැත අර්ථයට හරවනවානම් වෙන්නේ is/am/are වලට පස්සෙ not එකතු වෙන එකයි. (is not/isn't, am not/ain't, are not/aren't).

I am not learning English.
She is not going to school.
They are not watching television.

ඇත අර්ථයේ ප්‍රශ්න ගොඩනැගීමේදී is/am/are මුලට යෙදෙනවා.

මම ඉංග්‍රීසි ඉගෙනගනිමින් ඉන්නවද? - Am I learning English?
ඇය පාසල් යමින් ඉන්නවද? - Is she going to school?
ඔවුන් රූපවාහිනිය නරඹමින් ඉන්නවද? - Are they watching television?

නැත අර්ථයේ ප්‍රශ්න ගොඩනැගීමේදී is not, am not, are not භාවිතා වෙනවා.

Am I not learning English?
Isn't she going to school?
Aren't they watching television?

ඊළඟ පාඩමෙන් අපි කරමින් සිටි දේවල් ගැන හොයලා බලමු!.

4 comments:

  1. හෑ... ඉංග්‍රීසි පන්තියකුත් දැම්මද ?

    ReplyDelete
  2. පරණ පන්තිය ආයෙ පටන්ගන්න හිතුවා :)

    ReplyDelete
  3. ප්‍රවර්ථන යන වචනය ප්‍රවර්තන ලෙස නිවැරදි කරන්න.

    ReplyDelete
  4. නිවැරදි කළා. බොහොම ස්තුතියි!

    ReplyDelete