Recent comments

අලුත්ම ලිපි 🡲

ENGLISH #08 පාඩම - THE SIMPLE FUTURE TENSE

අපි පසුව කරන්න කල් දමන, එහෙමත් නැත්නම් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වන දේවල් ගැන කියන වාක්‍ය රටාව තමයි සරල අනාගත කාලය පාඩමෙන් අපි ඉගෙනගන්නෙ. 

මෙතැනදි අපි ක්‍රියාව විදියට යොදාගන්නෙ will හෝ shall සමග ක්‍රියාපදයේ මූලික අවස්ථාවයි.

මේ කාලයේ ක්‍රියාපද මේ වගෙයි.

යනවා - යාවි
එනවා - ඒවි



සරල අනාගතකාල වාක්‍ය රටාව මෙහෙමයි.

කර්තෘ + will/shall + ක්‍රියාපදයේ මූලික අවස්ථාව + කර්මය

(I සහ We ම සඳහා Shall කියන උපකාරක පදයත්, අනෙක් කර්තෘ පද සඳහා Will උපකරාක පදයත් භාවිතා කරන්න).

උදාහරණ කීපයක් අරගෙන බලමුද!

අපිට එයාලා උදව් කරාවි.
එයාලා will උදව් කරාවි අපිට.
They will help us.

ඔයාගෙ තාත්තා මට  බනියි.
ඔයාගෙ තාත්තා will බනියි මට.
Your father will scold me.


මම/අපි (I/We) සඳහා යන්නම්, එන්නම් විදියටයි මේ රටාව භාවිතා වෙන්නෙ.

මම යන්නම්
I shall go.

අපි එහෙ නවතින්නම්.
We shall stay there.

මේ වාක්‍ය මුලට හෝ අගට අනාගත කාලය අඟවන පදත් එකතු කළොත් වාක්‍ය තවත් අර්ථවත් වෙනවා.

මම අනිද්දට ඔයාට කියන්නම්.
I shall tell you the day after tomorrow.
I'll tell you the day after tomorrow.

එයාලා ලබන සතියේ අපිට කතාකරාවි.
They will call us next week.
They'll call us next week.

නැත අර්ථය ගොඩනගනවිට...

මෙතැනදී කරන්න වෙන්නෙ will/shall වලට not එකතු වෙන එක විතරයි.

will not - won't
shall not - shan't

ඔහු යයි.
He will go.

ඔහු යන එකක් නෑ.
He will not go.
He won't go.

ප්‍රශ්න ගොඩනැගීම

ඇත යන අර්ථයේ වාක්‍ය රටාව මෙහෙමයි.

[Will/Shall] + කර්තෘ ‍+ ක්‍රියාපදයේ මූලික අවස්ථාව + කර්මය

උදාහරණයක්....

ඔහු පාසලට යාවි.
He will go to school.

ඔහු පාසලට යාවිද?
Will he go to school?

එහෙනම් මං යන්නම්.
I shall go then.

එහෙනම් මං යන්නද?
Shall I go then?


නැත අර්ථයේ වාක්‍ය රටාව මෙහෙමයි.

[Will not/Shall not] + කර්තෘ ‍+ ක්‍රියාපදයේ මූලික අවස්ථාව + කර්මය

ඔහු පාසලට නොයාවි.
He will not go to school.

ඔහු පාසලට නොයයිද?
Won't he go to school?


ප්‍රශ්නවාචී පද භාවිතා කර ප්‍රශ්න ගොඩනැගීම

ඇත අර්ථයේ ප්‍රශ්න සඳහා වාක්‍ය රටාව.

ප්‍රශ්නවාචී පදය + [will/shall] + කර්තෘ + ක්‍රියාපදයේ මූලික අවස්ථාව + කර්මය

උදාහරණ ලෙස,

ඔහු එහි යාවි - He will go there.
ඔහු එහි යාවිද? - Will he go there?
කවදා ඔහු එහි යාවිද? - When will he go there?

නැත අර්ථයේ ප්‍රශ්න සඳහා වාක්‍ය රටාව.

ප්‍රශ්නවාචී පදය + [will not/shall not] + කර්තෘ + ක්‍රියාපදයේ මූලික අවස්ථාව + කර්මය

උදාහරණ ලෙස,

ඔහු ඔයාට උදවු කරාවි - He will help you.
ඔහු ඔයාට උදවු කරන එකක් නැහැ - He won't help you.
ඔහු ඔයාට උදවු කරන එකක් නැද්ද? -  Won't he help you?
ඇයි ඔහු ඔයාට උදවු නොකරන්නෙ? - Why won't he help you?

මෙතෙක් අපි කතාකළේ අපි කරන දේවල්, කළ දේවල් සහ කරන්න ඉන්න දේවල්....ඊළඟට මේ දැන් කරමින් ඉන්න දේවල් ගැන...ඊළඟ පාඩමෙන් අපි Present Continuous Tense ගැන හොයලා බලමු. 

No comments