Recent comments

අලුත්ම ලිපි 🡲

ENGLISH #10 පාඩම - THE PAST CONTINUOUS TENSE

අතීත කාලයේ අපි කරමින් සිටි දෙයක් ගැන කතා කරද්දී භාවිතාවෙන වාක්‍ය රටාව ගැනයි මේ පාඩමෙන් කතා කෙරෙන්නේ. ඒ කියන්නෙ මේවගේ...

එනවා - එමින් සිටියා
යනවා - යමින් සිටියා
ඉගෙනගන්නවා - ඉගෙනගනිමින් සිටියා


මෙහිදී අපි භාවිතාකරන වාක්‍ය රටාව මෙහෙමයි.

කර්තෘ + Was/Were + ක්‍රියාපදයේ මූලික අවස්ථාව + කර්මය

(ඒක වචන කර්තෘන් සඳහා was, බහුවචන කර්තෘන් සඳහා were)

උදාහරණ කීපයක් බලමු.

මම රූපවාහිනිය නරඹමින් සිටියා.
මම නරඹමින් සිටියා රූපවාහිනිය.
I was watching television.

ගියසතියෙ මේවෙලාව වනවිට අපි ඉංග්‍රීසි ඉගෙනගනිමින් සිටියා.
අපි ඉගෙනගනිමින් සිටියා ඉංග්‍රීසි ගියසතියෙ මේ වෙලාව වනවිට.
We were learning English by this time last week.

නැත අර්ථයේ වාක්‍ය සඳහා was not/ were not භාවිතා කරන්න.

I was not watching television.

ඇත අර්ථයේ ප්‍රශ්න ගොඩනැගීමේදී was/were මුලට ගන්න.

Was I watching television.

නැත අර්ථයේ ප්‍රශ්න ගොඩනැගීමේදී was not, were not භාවිතා කරන්න.

Wasn't I watching televisoin?

මීළඟ කොටසින් අපි අනාගතයේදී කරමින් ඉඳීවි කියලා හිතෙන දේවල් ගැන කතාකරමු.

No comments