Recent comments

අලුත්ම ලිපි 🡲

Python #02 පාඩම - Python IDLE එකට හුරු වෙමු


Python ඔබේ පරිගණකයේ Install කළාට පස්සේ Start Menu එකේ IDLE(Python GUI) නමින් අලුත් වැඩසටහනක් ඔබට පෙනෙනු ඇති. 

Start Menu එක තුළින් Python IDLE එක Open කරගන්න

මේ Python සමග එන Integrated DeveLopment Environment (IDLE) එකයි. මෙය ආරම්භ කළ විට ඉහළින්ම සඳහන් වෙන්නේ Python සංස්කරණයේ විස්තරයි. ඉන්පසුව >>> සලකුණු දිස්වේ. අපි විධාන ලියන්නේ මෙම >>> Prompt එකට පසුවයි.




Python ක්‍රමලේඛකරණ භාෂාවේ විවිධ සංකල්ප පිළිබඳව හැදෑරීමට පෙර අපි පුංචි ක්‍රියාකාරකම් කීපයක් මගින් Python පිළිබඳව දළ අවබෝධයක් ලබාගනිමු.

මේ පාඩමෙන් මම අරමුණු කරන්නේ Python IDLE එක තුළ සිට සරල විධාන ක්‍රියාත්මක කළ හැකි ආකාරයන් පිළිබඳව අවබෝධයක් ලබාදීමටයි. (ඒනිසා වැඩි විස්තර නැතිව කෙටියෙන් කියන්නම්)

මුලින්ම අපි අංක ගණිතමය සුළුකිරීම් කීපයක් කර බලමු. ඔබ කළයුත්තේ අදාල ගණිතකර්මය type කර Enter Key එක Press කිරීම පමණි. එවිට එයට පහළ පේළියේ පිළිතුර දිස්වනු ඇති.



ඉහත රූපයේ පළමුව එකතු කිරීමද, දෙවනුව අඩුකිරීමද, තෙවනුව ගුණකිරීමද අවසානයේ බෙදීමද සිදුකර ඇත. 

මෙහි 3/2=1.5 විය යුතුය. නමුත් ලැබී ඇත්තේ 1 නේද?. මීට හේතුව වන්නේ 3 සහ 2 යන ඉලක්කම් දෙකම පූර්ණ සංඛ්‍යා වීමයි. එවිට පිළිතුරද ලැබෙන්නේ පූර්ණ සංඛ්‍යාවක් ලෙසයි. මෙම ගැටලුව නිවැරදිව විසඳීමට නම් අප 3 හෝ 2 යන සංඛ්‍යා දෙකෙන් එකක් දශමස්ථාන සහිත අගයක් බවට පරිවර්තනය කළ යුතුය. ඒසඳහා අපිට float නැමැති Function එක භාවිතා කළ හැකියි. මින් සිදුවන්නේ පූර්ණ සංඛ්‍යාව දශමස්ථාන සහිත සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීමයි. (සියලුම Python Built-in Functions මෙතැනින්).




පැහැදිලියි නේද?

මේ විදියටම අංක (numbers) වලට අමතරව වැකි (Strings) ද භාවිතා කළ හැකියි.




මෙහි පළමුව ඉංග්‍රීසි හෝඩිය දර්ශනය කර ඇත. දෙවනුව len() නැමැති Function එක භාවිතයෙන් එම String එකේ දිග (Length) ලබාගෙන ඇත.

Python IDLE එක තුළ විධාන පෙළින් පෙළ ක්‍රියාත්මක වන බැවින් ඔබ යම් විධානයක් වැරදි ආකායරකින් ඇතුළත් කළේනම් ඒ සඳහා වන Error Message එකද එම අවස්ථාවේදීම දැකගතහැකිවනු ඇති.




මෙයින් කියැවෙන්නේ kinith නැමැති Name (Variable) එක මීට පෙර Python වෙත හඳුන්වාදී නැති බවයි. 

මේ පාඩමේදී අප කළේ අංක සහ වැකි ඍජුවම type කර අදාල පිළිතුරු ලබාගැනීමයි. මීළඟ පාඩමෙන් අපි Variables පිළිබඳව හදාරමු. එතෙක් මේ පාඩමේ සඳහන් කරුණු වෙනස් සංකීර්ණ උදාහරණ සමග practice කර බලන්න.

No comments