Recent comments

අලුත්ම ලිපි 🡲

Python #01 පාඩම - Python හඳුනාගනිමු

කෙටි හැඳින්වීමක්


Python යනු සාමාන්‍ය පරිගණක වැඩසටහන් සම්පාදනය සඳහා  යොදාගන්නා (general-purpose)high-level programming language එකකි. අනෙකුත් පරිගණක ක්‍රමලේඛකරණ භාෂාවන්ට සාපේක්ෂව Python ඉගෙන ගැනීම සහ භාවිතා කිරීම ඉතාමත් පහසුය. එහි එන කේත රටාද ඉතා සරලය.




Python නම ඇසූ සැණින් අපිට මතක් වන්නේ සර්පයෙක් වුවත්, Python ක්‍රමලේඛ භාෂාවට සර්පයින් සමග ගනුදෙනුවක් නැත. Python පළමුවෙන්ම හඳුන්වාදුන්නේ 1980 දශකයේ අගභාගයේදී (1989) නෙදර්ලන්තයේ CWI ආයතනයේ Guido van Rossum විසිනි. ඒ ABC programming language එකේ ඉදිරි පියවරක් ලෙසිනි. 



Python 2.0 නිකුත් වූයේ 2000 වර්ෂයේ ඔක්තෝබර් 16 වැනිදාය. ඉන්පසුව දිගුකාලයක් කළ පර්යේෂණ වලින් පසු 2008 වසරේ දෙසැම්බර් 3 වැනිදා Python 3.0 සංස්කරණය නිකුත් කෙරිණි. Python ක්‍රමලේඛකරණ භාෂාව 2007, 2010 සහ 2011 වර්ෂ වලදී වසරේ හොඳම ක්‍රමලේඛකරණ භාෂාව සඳහා හිමිවන TIOBE  සම්මානයද හිමිකරගත්තේය.


Python ක්‍රමලේඛකරණ භාෂාව පරිගණක වැඩසටහන් සම්පාදනයට මෙන්ම, Web Applications සඳහා වන Scripting Language එකක් ලෙසද නිරතුරුවම භාවිතා කෙරේ. 



Python ක්‍රමලේඛ භාෂාව පිළිබඳ සාරාංශයක් (විකිපීඩියාවෙනි)
Official Python Logo
Paradigm(s)multi-paradigmobject-orientedimperative,functionalprocedural,reflective
Appeared in1991
Designed byGuido van Rossum
DeveloperPython Software Foundation
Stable release
3.2.2 /
4 September 2011; 6 months ago
2.7.2 /
11 June 2011; 9 months ago
Preview release
3.3.0a1 /
5 March 2012; 18 days ago[1]
Typing disciplineduckdynamicstrong
Major implementationsCPythonIronPython,JythonPython for S60,PyPy
DialectsCythonRPythonStackless Python
Influenced byABC,[2] ALGOL 68,[3]C,[4] C++[5] Dylan,[6]Haskell,[7] Icon,[8] Java,[9]Lisp,[citation needed]Modula-3,[5] Perl
InfluencedBooCobraDFalcon,GroovyJavaScript,Ruby[10]
OSCross-platform
LicensePython Software Foundation License
Usual filename extensions.py, .pyw, .pyc, .pyo, .pyd
Websitepython.org

Python භාගත කරමු


Python පරිගණක ක්‍රමලේඛකරණ භාෂාව ඔබේ පරිගණකයේ ස්ථාපනය කරගැනීම සඳහා අවශ්‍ය වන ගොනු පහත සබැඳීයෙන් භාගතකරගත හැකිවේ. එහිදී ඔබේ මෙහෙයුම් පද්ධතියට ගැලපෙන සංස්කරණය තෝරාගන්න.


Python ස්ථාපනය කරමු



භාගත කිරීමෙන් පසුව සාමාන්‍ය වැඩසටහනක් ආකාරයෙන්ම Setup File එක Double Click කර උපදෙස් අනුගමනය කිරීමෙන්  පරිගණකයේ ස්ථාපනය කරගත හැකිය. 







ස්ථාපනය කිරීමෙන් පසුව Python ක්‍රමලේඛ භාෂාව භාවිතා කරන ආකාරය පිළිබඳව අපි මීළඟ පාඩම් වලින් පැහැදිලි සරල උදාහරණ සහිතව පියවරෙන් පියවර ඉගෙනගනිමු.


10 comments:

  1. Replies
    1. බොහොම ස්තුතියි!

      Delete
    2. බොහෝම ස්තුතියි!

      Delete
  2. Replies
    1. https://docs.google.com/document/d/1gfOL-f-jdGKLPM9t_IYVNK4QW9gjVKG0YBRUGOfb9os/edit#heading=h.14a6bf5jrovl

      Delete
  3. aye python karanne nadda

    ReplyDelete
    Replies
    1. https://docs.google.com/document/d/1gfOL-f-jdGKLPM9t_IYVNK4QW9gjVKG0YBRUGOfb9os/edit#heading=h.14a6bf5jrovl

      i'll start a blogger soon. but for now im updating this google doc for python beginners

      Delete
  4. python gana complete lesson ekak nadda?

    ReplyDelete
    Replies
    1. for complete lessons for *python*html visit codesforkids>>>http://j.gs/64Bs

      Delete
    2. https://docs.google.com/document/d/1gfOL-f-jdGKLPM9t_IYVNK4QW9gjVKG0YBRUGOfb9os/edit#heading=h.14a6bf5jrovl

      i'll start a blogger soon. but for now im updating this google doc for python beginners

      Delete