Recent comments

අලුත්ම ලිපි 🡲

PHP 04 - String Variables භාවිතා කරමු


පසුගිය පාඩමෙන් ඔබ ඉගෙනගත්තා Variables පිළිබඳව. මේ පාඩමේ අරමුණ ඔබට String Variables සහ ඒ ආශ්‍රිත Functions කීපයක් ගැන අවබෝධයක් ලබා දීමයි.

තුන් වැනි පාඩමේදී අපි භාවිතා කළ විචල්‍යයන් වගේම String Variables වලත් අරමුණ යම් අගයක් තාවකාලිකව ගබඩාකර තබාගැනීම. විශේෂත්වය තමයි (නමින්ම හැඟෙන පරිදි) මෙතැනදි අපි Store කරන්නේ අකුරු, එහෙමත් නැත්නම් වචන හෝ වාක්‍යයන් වීම.

මේ String Variables වුණත් Declare කරන විදිය, භාවිතා කරන විදිය ගත්තම සුවිශේෂී වෙනසක් නෑ. නමුත් විවිධ අවස්ථාවලදී අපිට ප්‍රයෝජනවත් Functions බොහෝමයක් PHP String Variables සමග අපිට භාවිතා කරන්න පුලුවන්.

මේ පහළින් තියෙන කේතය දිහා බලන්න.













9 වැනි පේළියේදී $firstName නමින් Variable එකක් හඳුන්වාදී Kinith කියන නම එම Variable එකේ Store කරනවා. 10 වැනි පේළියේදී $firstName කියන Variable එක බ්‍රව්සර් එකට print කරනවා. එවිට ඔබ $fristName හි දැනට ගබඩා කර ඇති අගය වන Kinith යන්න ඔබේ වෙබ් පිටුව තුළ පෙනේවි. (Save කරන හැටි Run කරන හැටි ගැන නැවත නැවත ලියන්න යන්නේ නැහැ, ඒක ඔයා දන්නවනේ දැන්..නේද!)








මේ තමයි String එකක් Variable එකක Store කරලා නැවත Display කරගන්න සරලම විදිය.

දැන් තව ටිකක් ඉදිරියට යමු. PHP භාවිතා කරන්න පුලුවන් String Manipulation Functions විශාල සංඛ්‍යාවක් සහ String Operator එකක් තියෙනවා. ඒ ටික මෙතැනින් බලාගන්න.


මේ අතරින් PHP වල තියෙන එකම String Operator එක සහ එක් Function එකක් භාවිතා කරන ආකාරය පිළිබඳව මම කියන්නම්.

Concatenation Operator

String අගයන් දෙකක් (වචන දෙකක් කියල හිතමු...) එකතු කරලා එක වාක්‍යයක් විදියට පෙන්වන එක තමයි මේ Concatenation Operator එකෙන් කරන්නෙ. නම දිග වුණාට මේකට තියෙන්නෙ තිතක් විතරයි.

මේ උදාහරණය බලන්න, එතකොට පැහැදිලි වෙයි.












මෙතනදි මම මුලින්ම String Variable දෙකක් අරගෙන ඒවාට අගයන් assign කර තිබෙනවා. ඉන්පසුව 11 වැනි පේළියේදී මම Concatenation Operator එක භාවිතයෙන් ඒ Strings දෙක එක පෙළට පෙන්වීමට අවශ්‍ය කේතය ලියා තිබෙනවා. මෙහි තිත් දෙක මැද තියෙන Double Quotations වලින් කරන්නේ ඒ වචන දෙක අතරට Space එකක් ලබාදීමයි. පේනව නේද " සහ " අතර Space එකක් තියෙන බව! මේ කේතයේ ප්‍රතිඵලය මේ විදියට පෙනේවි.










වෙනස් විදියකට උත්සහ කරලා බලන්න.

ඒ කිව්වේ String Operator එක ගැනනේ. දැන් Function එකකුත් අරගෙන බලමු.

strlen() Function එක සහ strpos() Function එක

ඉහතින් ලබාදුන් String Function Reference එකේ අඩංගු Functions අතරින් එකක් භාවිතා කරන ආකාරය මම කියාදෙන්නම්. අනිත් ඒවාත් උත්සහ කරල බලන්න. එකක් භාවිතා කරන ආකාරය දැනගත්තම අනිත් ඒවාටත් ඒ දැනුම ආදේශ කරගන්න පුලුවන්නේ.

මේ STRLEN() Function එකෙන් කරන්නේ ඔබ ලබාදෙන වාක්‍යයක හෝ අකුරු පෙළක ඇති අකුරු ප්‍රමාණය/දිග (Length) කොපමණද යන්න පෙන්වීමයි. බැලූ බැල්මට ඔබට සිතේවි මෙහෙම කරන එකේ තේරුමක් තියෙනවද කියලත්. නමුත් අපි පසුවට ඉගෙනගන්න Loops සහ අනෙකුත් Functions වලදී String එකක් ඉවරවෙන තැන හොයාගන්න වගේ දේවල් වලට මේක භාවිතා කරන්න පුලුවන්. වැඩි කතා නැතිව උදාහරණයක් දෙන්නම්.











මේ උදාහරණයේදී මම $myName නමින් Variable එකක් හඳුන්වාදී එයට Kinith Hettiarachchi කියන String එක Assign කරලා තියෙනවා. ඉන්පස්සේ 10වැනි පේළියේදී මම කියලා තියෙනවා STRLEN() Function එක භාවිතයෙන් ලබාගන්න $myName කියන Variable එකේ තිබෙන String එකෙහි දිග, Echo විධානය හරහා වෙබ් බ්‍රව්සරය වෙත Print කරන ලෙස.

පැහැදිලියි නේද? මෙතනදි මතක තියාගන්න ඕන මේ වචන හෝ අකුරු අතර තියෙන Spaces පවා ගණන් ගැනෙන බව. නමේ අකුරු 19ක් තියෙද්දී, පහළ තියෙන 20 කියන පිළිතුර ලැබුණෙ මේ වචන දෙක අතර තිබෙන Space එකත් එක් අකුරක් ලෙස ගණනය කරන නිසයි.











Strpos() Function එකත් මේ විදියටම උදාහරණයකින් අරගෙන බලමු.











මේ කේතයේදී මම 10 වෙනි පේළියෙදී භාවිතා කරන්නෙ STRPOS() Function එක. මේ Function එකෙන් කෙරෙන්නේ අපි ලබාදෙන String එකක ඇති යම් අකුරක් ඇති ස්ථානය සංඛ්‍යාත්මක ප්‍රතිඵලයක් ලෙස ලබාදීමයි. උදාහරණයක් ලෙස ඉහත කේතයේ මම String Position එක බැලිය යුතු string එක ලෙස $myName නැමැති variable එකත්, සෙවිය යුතු අකුර ලෙස "h" අකුරත් ලබාදී තිබෙනවා. මෙහි ප්‍රතිඵලව පහත පරිදි දිස්වනු ඇති.











දැන් ඔයාට හිතේවි අපිට වැරදුණාවත්ද කියලා. මේ දීල තියෙන String එකේ h අකුරු 4ක් තියෙනවානේ! අනික, 5 කියල දීල තියෙන්නෙ 6 වෙනියට තියෙන h අකුර නේද?

ඔයාට හිතුණ දේත් හරි. අපිට වැරදිලාත් නෑ!

එකක් තමයි STRPOS() Function එකේදි බලන්නෙ අපි දෙන අකුර මුලින්ම අදාල String එකේ හමුවෙන position එකයි. අනෙත් කාරණය නම් මේ Positions ගණනය කිරීම පටන්ගන්නෙ බිංදුවේ සිටයි. ඒ අනුව - 0,1,2,3,4,5 වැනි අකුර (6 වැනි Position එක) තමයි පළමුවෙන්ම හමුවෙන h අකුර. මේකත් තව වෙනස් වෙනස් ආකාර වලින් කරලා බලන්න.

අනෙකුත් Functions ගැනත් ටිකක් හොයලා බලන්න. ඉහතින් දුන් ලැයිස්තුවේ සියලුම PHP String Functions ඇතුළත්. ඊළඟ පාඩමෙන් අපි Operators ගැන ඉගෙනගනිමු.

ඔබ මේ ලිපියෙන් යමක් ඉගෙනගත්තානම් Comment එකකින් මා දිරිමත් කරන්නත් අමතක කරන්න එපා.ස්තුතියි!

6 comments: