Recent comments

අලුත්ම ලිපි 🡲

CD Burn කරන්න Nero ඕනෙමද?

ගොඩක් වෙලාවට අපි සමහර මෘදුකාංග වලට අනවශ්‍ය විදියට ඇබ්බැහි වෙලා ඉන්නවා. වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සහ ඒ ආශ්‍රිත මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජය, ෆොටෝෂොප් වගේ ඇඩෝබි මෘදුකාංග වගේම CD/DVD Burning ගැන කතා කරද්දි Nero මෘදුකාංගයත් අපිට නැතිවම බැරි වෙලා. ඒතරමට අපි නීරෝට වහවැටිලා! කොටින්ම කීවොත් මම මේ මහන්සිවෙලා කියන්න යන මෘදුකාංගය නිකමට අත්හදාබලන්න නොසිතෙන තරමට ඒ ඇබ්බැහිය ප්‍රබල වෙන්න පුලුවන්.


CD Burn කරන්න Nero ඕනෙමද? - CD Burn කරන්න Neroම ඕනෙද?


මේ කියන්න යන්නේ සියලු පහසුකම් වලින් යුත් නොමිලේ ලබාදෙන බර්නිං මෘදුකාංගයක් ගැනයි. සමහරු භාවිතා කරනවත් ඇති. දන්නවත් ඇති. මෙය 100%ක් නොමිලේ ලබාදුන්නත් Audio CD, VCD, DVD, Data, Image Burning වගේම data erasing, Image සෑදීම, Image Mount කිරීම යනාදි අවශ්‍ය සියලුම පහසුකම්වලින් පරිපූර්ණ මෘදුකාංගයක්. එසේම මෙය ඔබට කිසිදු ගෙවීමකින් හෝ අවසරයකින් තොරව “නොමිලේ“ බෙදාහැරීමද කළ හැකියි.

“StarBurn”

මෙහි නොමිලේ ලබාදෙන සංස්කරණය මෙතැනින් නොමිලේම ලබාගන්න පුලුවන්. ප්‍රමාණයෙන් එය 14MB ක් පමණයි.


ස්ථාපනය කරගැනීමෙන් පසුව සාමාන්‍ය පරිදි Start මෙනුවෙන් StarBurn තේරීමෙන් විවෘත කරගත හැකියි.



මෙහි ප්‍රධාන අතුරුමුහුණත ඉතා සරල අපිට හුරුපුරුදු කොටස් කීපයකින් යුක්තයි. ඉහළ සහ වම් පසින් ඇති ටාස්ක් පේන් භාවිතා කර ඔබට අවශ්‍ය කාර්යයන් ඉටුකරගත හැකියි. මේ කාර්යයන් නම් වශයෙන් මෙසේයි.

Audio Tasks

  • Audio CD Burn කිරීම
  • Audio CD පරිගණකයට කොපි කිරීම
  • WAV මාදිලියේ Audio ගොනු MP3 හෝ OGG මාදිලි වලට හැරවීම


Video Tasks

  • VCD/SVCD සහ DVD Burn කිරීම


Data Tasks

  • Data ආකාරයෙන් CD/DVD Burn කිරීම
  • Images Burn කිරීම
  • CD/DVD වලින් Image සැකසීම


Erase Tasks

  • CD/DVD මකාදැමීම


StarPort

  • ISO Images Mount කිරීම සම්බන්ධ දේ මීට අයත් වේ.

මෙම මෘදුකාංගයේ සියලුම තොරතුරු සහා කාර්යයන් සිදුකරන ආකාරය රූපසටහන් ආධාරයෙන් පියවරෙන් පියවර දැනගැනීමට ඔබේ හෙල්ප් මෙනුවෙන් StarBurn Help තෝරන්න.



No comments